ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට යුක්ති සහගත වැටුප් වැඩිවීමක් මෙම වසරේ දී ලබාදෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ දශක 03 ක සේවයක් සම්පූර්ණ කළ 541 දෙනෙකුට ත්‍යාග ප‍්‍රදානය වෙනුවෙන් අද පැවැත් වූ උත්සවකදීයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එම උත්සවය පැවැත්වුණා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 15,000 කට ආසන්නයි. රටේ සෑම කෙනෙකුටම විදුලිය ලබාදීම ඔවුන් හමුවේ ඇති ප‍්‍රධාන අභියෝගය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
0 comments:
Post a Comment