ඉරාන රසායන විද්‍යාඥයෙකු අමෙරිකාවේදී අත්අඩංගුවට.

Saturday, January 28, 2012

ඉරානයේ ප‍්‍රමුඛ පෙළේ රසායන විද්‍යාඥයෙකු වන මහාචාර්ය මුජ්තබා අතරෝඩි අමෙරිකාවේදී අත්අඩංගුවට ගැනුනා. අමෙරිකාවේ අපනයන නීති උල්ලංගණය කරමින් අධිතාක්ෂණ රසායනාගාර උපකරණ මිලට ගැනීම අතරෝඩිට එරෙහි චෝදනාවයි. 54 වැනි වියෙහි පසුවන ඔහු මේ වන විට රඳවා සිටින්නේ කැලිෆෝනියා බන්ධනාගාරයේ බව විදෙස් වාර්තා පවසනවා. 
මේ අතර මහාචාර්ය මුජ්තබා අතරෝඩි අත්අඩංගුවට ගැනීම අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සහ ඉරානය අතර මත ගැටුම් තවදුරටත් උත්සන්න කරන්නක් බවයි විචාරකයන් පවසන්නේ. ඉරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් වහා නවතා දැමිය යුතු බවට බල කරමින් අමෙරිකාව සහ යුරෝපා රටවල් එරටට සම්බාධක පනවා තිබෙනවා. එහෙත් එම සම්බාධක නිසා න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර නොකරන බවයි ඉරානය අවධාරණය කරන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum