තමන් මේ වන විට සන්සුන් පිළිවෙතක් අනුගමනය කරන බව මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබද අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. බණ දහමට ගරු කරමින් ජනාධිපතිවරයා තමන් වෙත පවරා ඇති වගකීම ඉටු කරන බවයි ඔහු අවධාරනය කර සිටියේ. මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යංශය බම්බලපිටියේ ස්ථාපනය කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඔශු මෙ බව පැවසුවා. තමන්ට එරෙහිව පවතින විරෝධතා ක්‍රෝධය සහ වෛරය මුල්කර ගනිමින් සිදුවන්නක් බවයි ඔහු පෙන්වා දුන්නේ. ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීමට තමන්ගේ සූදානමක් නොමැති බව ඔහු අවධාරනය කර සිටියා.
0 comments:
Post a Comment