අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ දැනට නිකුත් කර ඇති ප‍්‍රතිඵල නිසා අසාධාරණයට ලක්වු බවට පැමිණිලි 16 ක් ලැබී ඇතැයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචි හේවා මහතා පැවසුවේ එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
මේ අතර ප‍්‍රතිඵල දෝෂ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුව හිටපු විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතාගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා. කමිටුවේ සාමාජිකයින් විභාග දෙපාර්තමේන්තුවට ගොස් එහි නිලධාරීන්ගෙන් ද ප‍්‍රශ්න කර ඇති බවයි නෙත් ප‍්‍රවෘත්ති වෙත වාර්තා වුණේ. අසාධාරණයට ලක්වු බව කියන විභාග අපේක්‍ෂකයින්ගෙන් සහ ඔවුන්ගේ මව්පියන් ගෙන් ද ප‍්‍රශ්න කරන බව කමිටුව ප‍්‍රකාශ කළා.
0 comments:
Post a Comment