හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරයට භාර දුන් පෙත්සමේ නිර්වද්‍යතාව සම්බන්ධයෙන් සැක පළව තිබෙනවා. සති 02 ක් වැනි කෙටි කලක් තුළ දී පුද්ගලයින් 25,638 දෙනකු අන්තර් ජාලය ඔස්සේ ඊට අත්සන් තැබු බවයි සරත් ෆොන්සේකා මහතාට සමීප ආරංචි ප‍්‍රකාශ කළේ. එලෙස අත්සන් තැබුවන් අතර මහින්ද රාජපක්‍ෂ නමින් 05 දෙනකු ද ශිරන්ති රාජපක්‍ෂ නමින් 05 දෙනකු සහ ගෝඨාභය රාජපක්‍ෂ නමින් දෙදෙනකු ද වන බව කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසනවා. බැසිල් රාජපක්‍ෂ නමින් දෙදෙනකු, නාමල් රාජපක්‍ෂ නමින් දෙදෙනකු සහ යෝෂිත රාජපක්‍ෂ නමින් දෙදෙනකු ද අත්සන් තැබුවන් අතර වන බවයි සඳහන් වන්නේ. රෝහිත රාජපක්‍ෂ, ශෂේන්ද්‍ර රාජපක්‍ෂ සහ චමල් රාජපක්‍ෂ ලෙස ද ඊට අත්සන් තබා ඇතැයි කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසනවා. මර්වින් සිල්වා නමින් අත්සන් දෙකක් සහ විමල් වීරවංශ නමින් අත්සන් දෙකක් ද ඊට ඇතුලත්. මහින්ද යාපා අබේවර්ධන, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, මනූෂ නානායක්කාර, මහින්දානන්ද අලූත්ගමගේ, සනත් ජයසූරිය, අනුරුද්ධ රත්වත්තේ, ෆෙඞ්රිකා ජෑන්ස් සහ ලක්‍ෂමන් හුළුගල්ලේ යන නම්වලින් ද ඊට අත්සන් තබා තිබෙනවා. තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම, රංජන් මඩුගල්ල, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, චාමර සිල්වා සහ උපුල් තරංග යන නම්වලින් ද ඊට අත්සන් තබා ඇති බවයි කලම්බු ටෙලිග‍්‍රාෆ්ට් වෙබ් අඩවිය පවසන්නේ්.
චාමර කපුගෙදර, තිලිණ කණ්ඩම්බි, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න යන නම්වලින් ද ඊට අත්සන් තබා ඇතැයි කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසනවා. එහෙත් එම අත්සන් සත්‍ය ඒවාදැයි විශ්වාස කිරීම අපහසු බවයි පෙන්වා දී ඇත්තේ. පෙත්සමේ නිර්වiතාව සම්බන්ධයෙන් සැක පලව ඇත්තේ ඒ නිසායි.
THE TRUTH ඒ සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා පැවසුවේ අත්සන් තැබුවන්ගේ විද්්‍යුත් ලිපිනයන් සහ ජාතික හැඳුනුම්පත් අංක ද පෙත්සමට ඇතුලත් කර ඇති බවයි. අත්සන් සම්බන්ධයෙන් සැක පවතී නම් එම තොරතුරු මගින් නිර්වiතාව පරික්‍ෂා කළ හැකි බව ප‍්‍රකාශ කෙරුණා
0 comments:
Post a Comment