ෂාරුක් සහ ප්‍රියංකා තහනම් ගහේ ගෙඩි කනවලු

Tuesday, January 17, 2012

රිදී තිරයේ දී හෝ පුංචි තිරයේ දී අපුරු ආදරවන්තයන් වුණත් නළු නිළියන් ‍බොහෝ දෙනෙකු සැබෑ ජීවිතයේ දී එසේ නොවේයැයි ප්‍රසිද්ධ පිළිගැනීමක් වනවා. නළු නිළියන් බොහෝදෙ‍නෙකුගේ විවාහයන් දෙදරායාම ඊට හේතුවයි. එහෙත් ඉන්දියාව හෝ ආසියාව පමණක් නොවෙයි ලෝකයම ආකර්ශණය කරගත් ෂාරුක් ඛාන් යනු ඒ විශ්වාසයට අභියෝග කළ නළුවෙක්. 

ෂාරුක්ගේ බිරිද ගව්රි ඛාන්. දෙන්නගේ විවාහයට දැන් අවුරුදු 20යි. ඔවුන්ට ළමයින් දෙන්නෙකුත් ඉන්නවා. ඒ කැදැල්ල හරිම ආදරණිය බවට ‍ලෝකේම ප්‍රකටයි.ඒත් දැන්නං කැදැල්ල දෙදරන්නයි යන්නේ.

ෂාරුක් ඛාන් තවත් නිළියක සමග අනියම් පෙමක පැටලී සිටිනවා. ඇය, ප‍්‍රියංකා චොප්රා.ඒ බව දැනගැනීමෙන් ෂාරැක්ගේ බිරිද ගව්රි  කලබලවී සිටින බවත් ඇගේ ළගම හිතවතියක් එහි ඇත්ත නැත්තං සෙවීමට ගොස් ප‍්‍රියංකා සමග ඇති කරගත් බහින් බස් වීමක දී  ප‍්‍රියංකාට ප‍්‍රසිද්ධියේ කම්මුල් පහරක් වැදුණ බවත් බොලිවුඩයේ  ඕපාදූප අතර ප්‍රකට වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඕපදූප ගැන බොලිවුඞ් සගරා ෂාරැක්ගෙන් කළ විමසීමකදී  ඔහු සිනාසී එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.  ජුහී චව්ලා සමග එකට වැඩකරන කාලයෙත් කාජල් සමග එකට වැඩ කරන කාලයේත් තමා සම්බන්ධයෙන් මෙවැනි ඕපදූප පැතිර ගිය බවයි ෂාරැක් පවසන්නේ. දැන් ප‍්‍රියංකා සමග චිත‍්‍රපට කිහිපයකම වැඩ කරන නිසා මෙවැනි ඕපදූපයක් පැතිර යන බව ද ෂාරුක පවසනවා.

ප‍්‍රියංකා චොප්රා නම් මෙම ඕපදූප ගැන කිසිම තැනක කිසිම ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර නැහැ.



0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum