එක්ස් කිරණ යන්ත්ර 740 ක් ලියාපදිංචි කර ඇති බව පරමාණුක බලශක්ති අධිකාරිය පවසනවා. එහි සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප්රකාශ කළේ රජයේ රෝහල් රැසක ඇති එක්ස් කිරණ යන්ත්ර ලියාපදිංචි කර ඇති බවයි. ලියාපදිංචි නොකළ එක්ස් කිරණ යන්ත්ර 20 ක් පිළිබද පැමිණිලි මහජනතාවගෙන් ලැබුණු බව ද ඔහු අනාවරණය කළා. ලියාපදිංචිය ලබාදීමට ප්රථම එම යන්ත්රවල ප්රමිතිය ද සොයා බැලෙනවා. ප්රමිතියෙන් තොර යන්ත්රවලින් එක්ස් කිරණ ඡයාරූප ගැනීමේ දී නියමිත පරිදි ඡයාරූප ගතකිරීමට හැකියාවක් නොලැබෙන බවයි ඔහු සදහන් කළේ.
0 comments:
Post a Comment