ශ‍්‍රී ලංකාවේ හමුදාවත් අමෙරිකාවට ඔත්තු දීලා

Thursday, February 09, 2012

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ඇතැම් හමුදා නිලධාරීන් අමෙරිකාවට රහසේ තොරතුරු ලබාදෙන්නන් ලෙස කටයුතු කර ඇතැයි විකිලීක්ස් අනාවරණ කරනවා. විකිලීක්ස් හි රහස්‍ය කේබල් පණිවුඩයක් උපුටා දක්වමින් කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය මේ බව ප‍්‍රකාශ කළා. විකිලීක්ස් හි පළ කර ඇති අදාළ කේබල් පණිවුඩය කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අමෙරිකාව වෙත යොමු කරන ලද්දක්. එහි දැක්වෙන්නේ එක් නිලධාරියෙකු මෙරට සිදු වූ පැහැර ගැනීම් වැනි සිදුවීම්වලට අදාළව අමෙරිකානු තානාපති කාර්යාලය වෙත තොරතුරු ලබාදී ඇති බවයි. එවා රජයේ නිල මතයට පරස්පර බවද තානාපති කාර්යාලය නිකුත් යැවූ රහස්‍ය පණිවුඩයේ සඳහන් බවයි කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය කියා සිටියේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum