දැරියක් විසිවෙයි වාහනයෙන්

Wednesday, February 08, 2012

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස වම්පස දොරටුව විවෘත වීමෙන් ඉවතට විසි වූ දැරියක් ඊයේ (පෙබ 07) මියගියා. යාපනය වෙම්මනි මාර්ගයේදී එම අනතුර සිදු වූයේ ඉකුත් පළමුවැනිදායි. ඉන් තුවාල ලැබූ දැරිය ඊයේ මියගියේ යාපනය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. ඇගේ වයස අවුරුදු 4ක්. 
මේ අතර රියදුරුට නින්ද යාම නිසා සිදු වූ රිය අනතුරු 5ක් ඉකුත් දින 4දී වාර්තා වුණා. එම අනතුරුවලින් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් 28 දෙනෙකු තුවාල ලැබූ බවයි පොලීසිය පවසන්නේ. නිදිමතක් දැනේ නම් රිය පැදවීමෙන් වළකින ලෙස පොලීසිය අවස්ථා ගණනාවකදී රියදුරන් දැනුවත් කර තිබෙනවා. යළිත් එම දැනුවත් කිරීම සිහිකැඳවන බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum