ඉන්ධන මිල, බස් ගාස්තු, විදුලි බිල හා තවත් බොහෝ දේ මෙන්ම ඖෂධ මිලත් වැඩි වේ දැයි සැක පළව තිබෙනවා. රුපියලේ අගය අව ප‍්‍රමාණය වීම නිසා ආනයන වියදම ඉහළ යාම ඊට හේතුවයි. ඖෂධ ආනයනයට ශ්‍රී ලංකාව වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 15 ක්. එලෙස ආනයනය කරන ඖෂධ ප‍්‍රමාණය දේශීය වෙළදපළ ඉල්ලූමෙන් සියයට 70 ත් 80 ත් අතර ප‍්‍රමාණය වනවා.
කෙසේ වෙතත් ඖෂධ මිල වැඩි නොකරන බවයි රාජය ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ. ඒ වෙනුවෙන් සංස්ථාවේ ලාභය කැපකරන බව එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසුවා.
0 comments:
Post a Comment