සතුන් පැරදවු දින තුනේ බිළිදා

Wednesday, March 28, 2012

මව්පියන් විසින් අතහැර ගොස් සිටියදී දින 02 තිස්සේ සතුන් සමග සටන් වදිමින් ජිවිතය බේරා ගැනීමට උත්සහ කළ බිලිඳෙකු මාතර, බ‍්‍රවුන්සිල් ප‍්‍රදේශයේදී ඊයේ (මාර්තු 27) සවස සොයා ගැනුණා. බිළිදාගේ වයස දින 03 ක් පමණ බවයි පොලීසිය පවසන්නේ.  ප‍්‍රසුත කළ වහාම එම බිළිදා මව්පියන් විසින් අතහැර ගොස් ඇතැයි සැකකෙරෙනවා. මේ වනවිට එම බිළදා මාතර මහ රෝහලේ ප්‍රතිකාර කරන බවයි  පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ. බිළිඳා කුහුඹුවන්ගේ සහ පණුවන්ගේ සපාකෑම් වලට ලක්ව ඇතැයි රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසුවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum