කොටකෙතන ඝාතන රැල්ලේ මීළග බිල්ල ?

Saturday, July 21, 2012


මවක් සහ දියණියක් නිවසක් තුළ දි පිළිස්සි මිය ගිය කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේ තවත් නිවාස 158 ක් එවැනි අපරාධ අවදානමකට ලක්ව තිබෙනවා. පොලිසිය කළ සමික්‍ෂණයකින් හෙලිව තිබෙන්නේ එම ප‍්‍රදේශයේ නිවාස 20 ක කාන්තාවන් හුදෙකලාව ජීවත්වන බවයි. තවත් නිවාස 40 ක කාන්තාවන් පමණක් ජීවත් වන බව ද නිවාස 98 ක වැන්දඹුවන් ජිවත්වන බව ද හෙලිව තිබෙනවා. හුදෙකලාව ජීවත්වන කාන්තාවන්ට සහ පිරිමින් නොමැති නිවාසවල කාන්තාවන්ට පොලිසිය උපදෙස් දී තිබෙන්නේ එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සහතික කරන තෙක් කිසියම් ඥාතියෙකුගේ නිවසකට මාරු වන ලෙසයි. වටපිටාව සම්බන්ධයෙන් වඩා විමසිලිමත් වන්නැයි වැන්දඹුවන්ට ද උපදෙස් දි තිබෙනවා.  
මේ අතර මෙම වසර ඇතුලත කොටකෙතන ප‍්‍රදේශයෙන් වාර්තා වු ද්විත්ව ඝාතන සංඛ්‍යාව 03 ක්. 

  • පෙබරවාරි මස 02 - මවක් සහ දියණියක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කෙරුණා.
  • මැයි මස 31  -  සහෝදරියන් දෙදෙනකු ඝාතනය කිරීමෙන් පසු නිවසේ දීම පුළුස්සා දමා තිබුණා. 
  • ජුලි මස - මවක් සහ දියණියක් නිවසක් තුළ දී ඝාතනය කර පුළුස්සා දමා තිබුණා.


කොටකෙතනට යාබද  ඕපාත සහ දිබුල්වල යන ප‍්‍රදේශවල ද මෑතදී එවැනි ඝාතන සිදුව තිබෙනවා.  

  • ඕපාත ප‍්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කෙරුණේ ඉකුත් වසරේ දෙසැම්බර් 16 වැනිදායි. 
  • ඉකුත් වසරේ අපේ‍්‍රල් මස 04 වැනිදා දිබුල්වල ප‍්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කෙරුණා. 


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum