ඇමති රිෂාඩ් සොයා සී අයි ඩී යත් මෙහෙයුමකට

Saturday, July 21, 2012


අමාත්‍ය රිෂාඞ් බදීයූදීන් මහතා මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්‍ධයෙන් විමර්ශන, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙසක් අනුව පොලිස්පතිවරයා විසින් එම තීරණය ගැනුණු බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ. THE TRUTH එහිදී ප්‍රශ්ණ කළේ කථාබහට ලක්වූ උත්ක සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ කඩිනම් කිරීමට ජනාධිපතිවර‍යාගෙන් උපදෙස් ලැබෙන තෙක්ම සිටියේ ඇයි ද යන්නයි. විමර්ශන පෙර සිටිම කඩිනමින් සිදු වූ බවත් ජනාධිපතිවරයාගේ උපදෙසින් සිදුවූයේ එම විමර්ශන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම බව ඊට පිළිතුරැ දෙමින්  අජිත් රෝහණ මහතා පැවසුවා.

මේ අතර අමාත්‍ය රිෂාඞ් බදියූදීන් මහතා මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කිරීමෙන් අධීකරණයේ ස්වාධිනත්වයට හානි සිදුවු බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා පැවසුවේ ඊට විරෝධය පළ කරමින් උතුරේ නීතිඥවරුන් ලබන සඳුඳාත් අධිකරණ කටයුතුවලින් බැහැරව සිටින බවයි. 

උතුරේ පමණක් නොව රටපුරා සියලූ නිතිඥයින් අධීකරණ කටයුතුවලින් බැහැර වුණා. ඒ නිසා ඊයේ දිනයට නියමිතව තිබු නඩු වෙනත් දිනවලට කල් දැමුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum