ගිනි පෙනැල්ලෙන් බැට කෑ දරුවා මරුවාටත් පරදී

Wednesday, December 28, 2011

මවගේ අනියම් සැමියාගෙන් පහරකෑමට ලක්ව බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ළමයෙකු අද අලූයම මියගියා. ඔහුගේ වයස අවුරුදු 4ක්. පහරකෑමට ලක් වූ බව කියන ඔහුගේ වැඩිමල් සොහොයුරිය සහ බාල සොහොයුරිය තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. වැඩිමල් සොහොයුරියගේ වයස අවුරුදු 11ක්. බාල සොහොයුරිය 3 වැනි වියේ පසුවනවා. ඔවුන් පදිංචිව සිටියේ හපුතලේ තංගමලේ තේ වත්තේයි. පහරදීම සඳහා ගිනි පෙනැල්ලක්ද යොදාගෙන ඇතැයි විමර්ශනවලින් හෙළි වුණා. සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum