ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන් බැහැදුටුවා. ඒ ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුවයි. මල්වතු මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා මහනුවර නගරයේ සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අස්ගිරි මහානායක පූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා පැවසුවේ නුවර වැව සංරක්ෂණය කළ යුතු බවයි. වැව රවුම දූෂ්‍ය වී ඇතැයි තමන් විසින්ම නිරීක්ෂණය කළ බවද ජනාධිපතිවරයා මහානාහිමිවරුන් හමුවේ ප්‍රකාශ කළා.
මෙන්න දර්ශන...........
0 comments:
Post a Comment