එක්ස් ෆයිල්ස් ඇතුලූ චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිතය නිරූපණය කළ සුපිරි හොලිවුඞ් නිළි ගිලියන් ඇන්ඩර්සන් හෙවත් ස්කලීට අයත් ශී‍්‍ර ලංකාවේ දේපල සාවද්‍ය ලෙස පරිහරණය කළ පුද්ගලයෙකු අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. රුපියල් මිලියන 17 යි දශම 8 ක් පමණ වටිනා මෙම දේපල අයථා ලෙස පරිහරණය කර තිබුණේ ඒවායේ පරිපාලන කටයුතු භාර නිලධාරියායි. බි්රතාන්ය ජාතිකයෙකු කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය විසින් පරීක්ෂණ මෙහෙයවා තිබුණා. ඒ අනුව සැකකරු ලබන ජනවාරි මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළා.
0 comments:
Post a Comment