ක්‍රිකට් නිලවරණය කල් දැමීම ඉලක්කකර ගනිමින් නීතිමය පියවර ගැනීමට තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වය පියවර ගෙන තිබෙනවා. මේ අනුව ක්‍රීඩා සමාජ 05ක් ඒකාබද්දව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි. ඊට අර්වින් ජයවර්ධන මහතා නායකත්වය දෙන බවද සදහන්. මේ පිලිබද නීති උපදෙස් ලබාගන්නේ ජනාධිපති නීතිඥ මාරසිංහ මහතා හරහායි. ලබන ජනවාරි මස දෙවනදා මෙම නඩුව කොළඹ අධිකරණයකදී ගොනුකරනු ඇති. මෙහිදී ඉල්ලා සිටීමට නියමිතව ඇත්තේ නිලවරණයට ඉදිරිපත්ව සිටින කේ.මතිවානන් , හිරන්ත පෙරේරා හා අසංග සෙනවිරත්න යන මහත්වරුන්ගේ නාමයෝජනා අත්හිටුවන ලෙසයි. ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව නිලවරණයට ඉදිරිපත් විය හැක්කේ එහි විධායක කමිටුවේ වසර දෙකක් සේවය කර ඇත්නම් පමණි. නමුත් මෙම තිදෙනාම එලෙස සේවය කර නැහැ. මෙලෙස නීතිමය පියවර ගතහොත් ජනවාරි මස 03 වනදා පැවැත්වීමට නියමිත නිවරණය කල් දැමීමට සිදුවනු ඇති.
0 comments:
Post a Comment