වසර ගණනාවක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කර තිබූ මුද්දර තොගයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේප්පුවල තිබී සොයාගෙන තිබෙනවා. එම මුද්දර තොගයේ වටිනාකම රුපියල් මිලියන 18ක් පමණ බවයි තැපැල් සේවා අමාත්‍යංශය පවසන්නේ. වෘත්තීය සමිති විසින් කෙරුණු පැමිණිල්ලකට අනුව විශේෂ කමිටුවක් කළ විගණනයකින් පසු එම මුද්දර තොගය සොයා ගත් බවද තැපැල් සේවා අමාත්‍යංශය පවසනවා. එ්වායින් වැඩි ප්‍රමාණයක් සුලභව භාවිතයට නොගන්නා ඉහළ වටිනාකමකින් යුත් මුද්දරයි. ඒවා අන්තර්ජාතික වෙළෙඳපොළෙහි අලෙවි කිරීමට කටයුතු කරන බව තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවා.
0 comments:
Post a Comment