නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඊයේ (ජන.05) රාති‍්‍ර 8ට පමණ එම බලාගාරයේ කාර්මික අංගනයේ ගින්න හට ගැනුනු බවයි වාර්තා වන්නේ. විදුලි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගල් අඟුරු දහන යන්ත‍්‍රයක් අධික ලෙස රත්වීම නිමා මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්. බලාගාරයේ සේවකයන් සහ නාවික හමුදා නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා. චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය ඉදිකෙරුණා. එමගින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 900ක්. එහි පළමු අදියරේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී ඇති අතර මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් එමගින් ජාතික පද්ධතියට මුදාහැරෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ කාර්මික අංගනය තුළ මෙවැනි ගිනි ගැනීම් වා්රතා වුණා.
0 comments:
Post a Comment