ලාංකීය ගායන ක්ෂේත‍්‍රයේ රන් සමනලියගේ දිවියට මංගල සීනු හැඩවෙන දිනය අත ළගටම ඇවිත්. ඇය උරේෂා රවිහාරියි. උරේෂා දිවයින සති අන්ත පුවත්පත සමග කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසක් මේ.
ලස්සනම දවසක් අත ළගයි නේද උරේෂා?
ඔව්, මම ළගදිම විවාහ වෙනවා.
කවුද ඒ වාසනාවන්තයා?
එයා වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. හ්ම්..........අනෙක් විස්තර පසුව කියන්නම්.
ඔබට ඔහු හමුවුණේ ?
ඒක යෝජනාවක් කියන්නත් පුළුවන්. පේ‍්‍රම සම්බන්ධයක් කියන්නත් පුළුවන්.
විවාහයෙන් පස්සේ ඔබේ කලා කටයුතු ?
ඒ දේවල් දිගටම කරගෙන යනවා.
විවාහයෙන් පසුව උරේෂා පදිංචිව ඉන්නේ ?
අපි වෙනම පදිංචි වෙනවා. මම ජනප‍්‍රිය කෙනෙක්. කලාකාරිණියක් වුණත් සාමාන්‍ය කාන්තාවක්. එතැනදී මම හිතන දෙයක් තමයි විවාහයෙන් පස්සේ වෙනම පදිංචි වෙන්න ඕනෑ කියලා.
උරේෂාගේ දෙමව්පියන්ගෙන් කලා කටයුතුවලට යද්දී විශාල රැකවරණයක් ලැබුණා නේද ?
ඔව්, විවාහ වුණා කියලා දෙමව්පියන් කවදාවත් දරුවන්ගෙන් ඈත්වෙන්නේ නැහැ. දෙමව්පියන්ගෙන් ලැබුණු ආදරය රැුකවරණය ශක්තිය මට ඒ විදිහටම හෙට දවසේත් ලැබේවි. ඒ වගේම මම හැමදාමත් බලාපොරොත්තු වුණේ මගේ තාත්තා වගේ මාව බලාගන්න මාව ආරක්ෂා කරන කෙනෙක් සමග ජීවිතය ගෙවන්නයි. මට ඒ වගේ කෙනෙක් ලැබුණා. දෙමව්පියන්ගෙන් ලැබුණු ඒ රැකවරණය සහයෝගය විවාහයෙන් පසුව ඔහු මට ලබාදේවි.
උරේෂා ජීවිතයේ සිදුවීම්වලට ඉක්මන් නොවන කෙනෙක්ද?
ඇත්තෙන්ම ගායන ක්ෂේත‍්‍රයේ වුණත් ගායිකාවක් විදිහට ස්ථාවර වෙන්න මට ලොකු කාලයක් ගතවුණා. මම මට හිමි තැන ලැබෙන තුරු ඉවසීමෙන් කැපවීමෙන් මම මගේ වැඩකටයුතු කරගෙන ගියා. විවාහයේ දී වුණත් බොහෝදෙනා උරේෂා විවාහ වෙන්නේ නැතිද කියලා ඇහුවට මට එහෙම කලබලයක් තිබුණේ නැහැ. මට ගැළපෙන විවාහ වෙන්න සුදුසු කියලා දැනෙන පුද්ගලයා හමුවන තුරු මම ඒ ගැන කලබල වුණේ නැහැ.
කලාකාරිනියක් විදිහට උරේෂා ජීවත් වෙන රටාවක් සකස් කරගෙන ද ඉන්නේ?
එහෙම හිතාමතා ජීවත් වෙන්නේ නැහැ. ඒත්.. මම හිතනවා හොද පැවැත්මකින් කටයුතු කිරීම ක්ෂේත‍්‍රයේ රැදෙන්න පහසුවක් කියලා.
කලා ක්ෂේත‍්‍රය වගේම මාධ්‍ය ක්ෂේත‍්‍රයේත් උරේෂා කටයුතු කරන්නේ හරිම මිත‍්‍රශීලිව නේද?
අපේ පවුල් පසුබිමත් එක්ක කලා ක්ෂේත‍්‍රයේ අය මට හරිම සමීපයි. ඒ වගේම තමයි මාධ්‍ය තුළත් ඒ හැමෝම මගේ යාළුවෝ වගේ. ඔවුන් සමග අහංකාරකමක් මවාගෙන කටයුතු කරන්න මට අවශ්‍ය නැහැ.
උරේෂාගේ පේ‍්‍රම කතාව අපේ රසිකයන්ට කියමු නේද?
සියළුම විස්තර විවාහයෙන් පස්සේ කියන්නම්. දැන්ම කිවුවම අගයක් නැහැ නේද?
0 comments:
Post a Comment