දුමින්ද සැකකරුවෙක්ම තමයි - අධීකරණය දැඩි තීරණයක

Tuesday, January 17, 2012

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කෙරුණු වෙඩි තැබීමේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද සිල්වා මහතා නම් කිරීමට ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද  ප‍්‍රකාශ කළා. අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා පැවසුවේ එම තීරණය වෙනස් කිරීමට නම් අතෘප්තියට පත් පාර්ශ්වයන් මහාධිකරණයෙන් ඉල්ලීමක් කළ යුතු බවයි. දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 16 දෙනෙකු මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. ඔවුන් සියලූ දෙනා ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි ප‍්‍රසන්න අල්විස් මහතා පැවසුවේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum