සබරගමුවේදීත් සරසවි සිසුන්ට පහරදීමක්.

Wednesday, January 11, 2012

සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් 3 දෙනෙකු ඊයේ (ජන 10)රාති‍්‍ර පහරදීමකට ලක්ව වුණා. කියැවීමේ ශාලාවේ සිට නේවාසිකාගාරය දක්වා ගමන් කරමින් සිටියදී විශ්ව විද්‍යාලයීය ශ‍්‍රවණාගාරය අසලදී එම ශිෂ්‍යයන් පහරදීමට ලක්වූ බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ.  එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර පෙන්වා දෙන්නේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට හානි කිරීමට සහ ශිෂ්‍යයන් දෙදෙනකුට පහරදීමට මෙන්ම මෙම පහරදීමටද රජයේ ආරක්ෂක අංශ සම්බන්ධ බවයි.
පහරදීමට ලක් වූ ශිෂ්‍යයන් 3 දෙනා පඹහින්න රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum