ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරය සඳහා චරිත් සේනානායක මහතා පත් කිරීමට නියමිත බවට වාර්තාවනවා. මේ වන විට එම ධුරයේ කටයුතු කරන්නේ අනුර තෙන්නකෝන් මහතායි. කණ්ඩායම දිගින් දිගටම පරාජය වීම හේතුවෙන් තේරීම් කමිටුව, පුහුණුකරු, නායකත්වය මෙන්ම කළමනාකාරීත්වය ද වෙනස් කළ යුතු බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කළා. කළමනාකාර ධුරයට චරිත් සේනානායක මහතා පත් කිරීමට නියමිතව ඇත්තේ ඒ අනුවයි. ඒ මහතා මීට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අලෙවි අංශයේ සේවය කර තිබෙනවා. 1991 වසරේ දී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ද නියෝජනය කළ ඔහු ටෙස්ට් තරග 03 කට සහ එක්දින තරග 07 කට සහභාගි වුණා.
0 comments:
Post a Comment