වෙළෙඳපොළේ අලෙවි කරන කෑම පාර්සල්වල ඇති බැදපු මිරිස් සහ ව්‍යංජන ඇසුරුම්වල ඉතා සුක්ෂම ආකාරයට සඟවා බන්ධනාගාරවලට මත්කුඩු රැගෙන යාමේ ජාවාරමක තොරතුරු හෙළි වුණා. ඒ ති‍්‍රකුණාමල බන්ධනාගාරයට එලෙස මත්කුඩු රැගෙන ගිය සැකකරුවෙකු උප්පුවේලි පොලීසිය පෙරේදා (ජන 28 )පස්වරුවේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදීයි. බැදපු මිරිස් කරලක් තුළ ඔහු හෙරොයින් මිලිග‍්‍රෑම් 520ක් සඟවා තිබූ බව පොලීසිය පවසනවා. මෙම ජාවාරම පිළිබඳ ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන බවයි පොලීසිය පවසන්නේ.
0 comments:
Post a Comment