විදුලියත් මිල වැඩි කරයි ?

Monday, February 13, 2012

විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නංවනු ඇතැයි වාර්තා වනවා. ඉන්ධන මිල ඉහඵ නැංවීම නිසා විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා පැවසුවේ. එහෙත් විදුලි ඒකකයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ රු.3.00 ක් වැනි මුදලකට බවත් ඒ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා. 
විදුලි මිල සංශෝධන‍යක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිසම වෙත තොරතුරු ලබාදී ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum