දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා කලක් තිස්සේ කෙරුණු ගංජා ජාවාරමක් පොලීසිය ඊයේ (පෙබ 20) හෙළි කරගත්තා. ජාවාරම්කරුවන් බවට සැකකරන 03 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. අලෙවියට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 02 ක් පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් ළග තිබී කොටි දතක්, ජංගම දුරකතන 07ක් සහ රුපියල් 25,000 ක මුදලක්ද සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.
0 comments:
Post a Comment