තහනම් "එනසිකා" පිළිකා රෝහලෙන් ඉවතට

Wednesday, July 18, 2012


විලවුන් උපකරණ හා ඖෂධ නියාමන ජාතික අධිකාරිය විසින් තහනම් කර තිබියදීත් තවදුරටත් භාවිතයට ගැනුණු එනසිකා හෙවත් ලිග්නෝකේන් හයිඩ්‍රෝක්ලෝරයිඞ් නම් ජෙල් වර්ගය වහාම භාවිතයෙන් ඉවත් කරන්නැයි මහරගම පිළිකා රෝහලට උපදෙස් ලැබී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කෙරුණු එකී උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගබඩාවල තිබෙන එම ජෙල් වර්ගයේ සියලූ තොග රෝහලේ දීම විනාශ කරන ලෙසයි. මුත‍්‍රා බට සහ නාසයට බට යෙදිම වැනි අවස්ථාවලදී යොදා ගැනෙන එම ජෙල් වර්ගය අතුරු ආබාධ ඇති කරන බවත් ප‍්‍රමිතියෙන් බාල බවත් පරික්‍ෂණවලදී තහවුරුවී තිබෙනවා. ඒ බව සැලකිල්ලට ගනිමින් එම ජෙල් වර්ගය තහනම් කෙරුණේ ඉකුත් අපේ‍්‍රල් මස 09 වැනිදායි. එයින් මාස 03 ක් ඉක්ම ගොස් තිබිය දීත් මහරගම පිළිකා රෝහලේ එම ජෙල් වර්ගය භාවිත කරන බව නෙත්එෆ් රේඩියෝවත් THE TRUTH වෙබ් අඩවියත් ඉකුත් 09 වැනිදා අනාවරණ කළා. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අදාල උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ ඉන් අනතුරුවයි. 


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum