ආදර විවාහයන්ට තහනමක්

Wednesday, July 18, 2012

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් හි අසාරා ගම්මානයේ ආදර විවාහයන් තහනම් කර තිබෙනවා. බී.බී.සී. ලෝක සේවය පවසන්නේ එම ගම්මානයේ නායකයන් විසින් කාන්තාවන්ට තවත් සීමා රැසක් පනවා තිබෙන බවයි. වයස අවුරුදු 40ට අඩු කාන්තාවන්ට තනිවම සාප්පු සවාරි යෑම තහනම් කර තිබෙනවා. නිවසින් බැහැර ස්ථානවලදී ජංගම දුරකතන භාවිතයද ඔවුන්ට තහනම් කර ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. කාන්තාවන්ගේ ආරක්ෂාව උදෙසා එම සීමා පැන වූ බව ගම්මානයේ නායකයන් පවසනවා. එහෙත් එම සීමා සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පවසන්නේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum